Friday, March 29, 2024

General line - 0115112241

දින 07ක් පෙන්වීමට අධිකරණය නියෝග කළ සමලිංගික චිත්‍රපටය මෙන්න (VIDEO)

දිනුක් හේවාවිතාරණ




තරුණියන් දෙදෙනෙකු ගේ සමලිංගික ජීවිතය ගැන කියවෙන කෙන්යානු චිත්‍රපටයක් වන "Rafiki" සදහා පනවා තිබු තහනම් නියෝගය තාවකාලිකව ඉවත් කිරීමට එරට අධිකරණය නියෝග කර තිබෙනවා.

එම අධිකරණ නියෝගයට අනුව වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපටයක් ලෙස සතියක කාලයක් මෙම චිත්‍රපටය කෙන්යාවේ ප්‍රදර්ශනය කිරීමට අවසර හිමිව තිබෙනවා.

කෙන්යාවේ රැඟුම් පාලක මණ්ඩලය විසින් මෙම චිත්‍රපයට ප්‍රදර්ශනය තහනම් කරමින් නියෝගයක් පැනවුවා. එයට හේතුව වුයේ කෙන්යාව සමලිංගිකත්වය එරට නිතිය යටතේ තහනම් බැවින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රැඟුම් පාලක මණ්ඩලයේ නියෝගය අභියෝගයට ලක් කරමින් එහි අධ්‍යක්ෂක Wanuri Kahiu අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

මෙම චිත්‍රපටය සතියක කාලයක් කෙන්යාවේ ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලැබීම නිසා ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.  විදෙස් භාෂාවන් යටතේ ඉදිරිපත් කරනු ලබන චිත්‍රපට ඛාණ්ඩයට මෙම චිත්‍රපටය ඇතුලත් වීමට ඉඩකඩ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම චිත්‍රපටය අද (23) සිට ලබන 29 දක්වා කෙන්යාවේ නයිරෝබි අගනුවර ප්‍රදර්ශනය සිදුකරන බවට එහි අධ්‍යක්ෂක Wanuri Kahiu සදහන් කරනවා.