Friday, April 19, 2024

General line - 0115112241

උසුළු විසුළු උහුලනු බෑ ලු

කසුන් කැළුම්




ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකාව ලද අවමන් සහගත පරාජය පිළිබඳ තවමත් බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙමින් තිබෙනවා.

එවන් පසුබිමක එක්සක් අරාබි එමීර් රාජයේ විවිධ රැකියාවල නිරත ශී‍්‍ර ලාංකිකයින් පත්ව ඇති අසීරුතාවක් පිළිබදව නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණා. එවන් අසීරුතාවකට පත් වූ ශී‍්‍ර ලාංකිකයෙකු ඩුබායි සිට නෙත්ස්පෝර්ට්ස්මන් වෙත මෙලෙස අදහස් පළ කළා. 

ඔහු සඳහන් කළේ මෙතෙක් කල් ඉන්දියානුවන්ගේ උසුළු විසුළුවලට ලක්ව සිටි මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන් දැන් බංග්ලාදේශ ජාතිකයන්ගේ සහ ඇෆ්ගනිස්තාන ජාතිකයන්ගේ ද විහිලුවලට ලක් වෙන්නට සිදු වී ඇති බවයි.

ඉහළම වැටුප් ගන්නා කි‍්‍රකට් කී‍්‍රඩකයින් රට වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් පැහැර හැර ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 04 වටයේ තවත් තරග දෙකක් අද (23) පැවැත්වෙනවා.

ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය අද පැවැත්වෙන්නේ ඩුබායි කී‍්‍රඩාංගනයේදීයි.

ඇෆග්නිස්තානය හා බංග්ලාදේශය අතර තරගය අබුඩාබි හිදී පැවැත්වෙනවා. සුපිරි කණ්ඩායම් 04වටයේ වැඩිම ප‍්‍රසාද ලකුණු හිමිකරගන්නා කණ්ඩායම් 02 මෙවර ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇති.