Thursday, March 28, 2024

General line - 0115112241

අලි ගස වටේ කුණු ගොඩ හදයි (PHOTOS)

ප්‍රියංකර කළුපහන




මන්නාරමේ පල්ලිමුනේ මාර්ගයේ මදක් ඇතුළට වන්නට ස්ථානයක පිහිටි බයෝබැබ් ගස ජනතා ආකර්ෂණය දිනා ඇති ශාකයක්. එහි උස මීටර් 7.5ක් පමණ වන අතර මෙහි වට ප්‍රමාණය මීටර් 19.5ක් පමණ වනවා. 

අරාබි වෙළෙන්දන් විසින් ශ්‍රී ලංකාවට බයෝබැබ් ගස (අලි ගස) ගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. 2003 වසරේ සිදුකරන ලද සමීක්ෂණයකට අනූව මෙරට අලි ගස් 40ක් පමණ තිබෙන අතර, ඉන් 34 පමණ මන්නාරමේ පිහිටා තිබෙනවා. මින් පල්ලිමුනේ පිහිටා තිබෙන අලි ගස වර්ෂ 800ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරෙනවා.

මේ දිනවල බයෝබැබ් ශාකයේ පල හට ගැනීම ඇරඹී ඇති අතර, ඒවායේ රස බැලීමට බූරුවන් රංචු වශයෙන් බයෝබැබ් ශාක අසල රැඳී සිටින ආකාරයක් දක්නට ලැබෙනවා.

දිනකට විශාල පිරිසක් මන්නාරම සංචාරයේ යෙදෙන අතර, ඔවුන්ගෙන් ඇතැමුන් අපරික්ෂාකාරී ලෙස පරිසරයට බැහැර කරන කැළි කසල හේතුවෙන් බයෝබැබ් ශාක වටාද මෙලෙස දැඩි ලෙස කැළි කසළ එක්රැස්වී පවතින බවයි nethnews.lk වාර්තාකරු පෙන්වා දෙන්නේ.