Friday, March 29, 2024

General line - 0115112241

චීනයේ ඉල්ලීම නොසලකා හැරි අමෙරිකාවට ප්‍රතිවිපාක විඳින්න සැරසෙන්නැයි චීනය දැනුම් දෙයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ සිටින සිය තානාපති නිලධාරියා යළි කැඳවීමට චීනය පියවර ගෙන තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ දෙරට අතර වර්ධනය වෙමින් ඇති රාජ්‍ය තාන්ති‍්‍රක අර්බුධයෙහි ප‍්‍රථිපලයක් ලෙස චීනය මෙම පියවර ගෙන ඇති බවයි. රුසියාවෙන් ප‍්‍රහාරක යානා මිලදී ගැනීමට විරෝධය පළ කරමින් අමෙරිකාව පසුගියදා චීන හමුදාවට එරෙහිව සම්බාධක පැනවූවා.

සම්බාධක ඉවත් කරන ලෙස චීනය කළ ඉල්ලීම් අමෙරිකාව විසින් නොසලකා හැර ඇති අතර ඒ හමුවේ ප‍්‍රතිවිපාක අත්විඳීමට සූදානම් වන ලෙසයි චීනය අමෙරිකාවට දැනුම් දී ඇත්තේ.