Thursday, April 25, 2024

General line - 0115112241

පරාජය ගැන සොයන්න කමිටුවක්




ආසියානු අභියෝගතා වොලිබෝල් තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සෞදි අරාබිය හමුවේ ලද පරාජය පිළිබදව පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා විධායක කමිටුව වෙත දන්වා තිබෙනවා. එ් එම තරගයේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් ආදේශ කිරීමේදී සිදුවූ බව කියන ගැටලූකාරී තත්වයක් හේතුවෙන්. ඉදිරි දිනයේදී එ් සදහා කමිටුවක් පත් කරන බවයි වොලිබෝල් සම්මේලනයේ ලේකම් එස් නාලක නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.


ශී‍්‍ර ලංකා වොලිබෝල් සංගමයේ සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ උපදෙස් අනුව විවෘතව පරීක්ෂණයක් සිදුකෙරෙන බවයි වොලිබෝල් සම්මේලනයේ ලේකම් එස් නාලක කියා සිටියේ.