Friday, March 29, 2024

General line - 0115112241

මාලදිවයින් ජනාධිපතිවරණයේ නීති උල්ලංඝණය කිරීම් රැසක්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අද (23) උදෑසන ආරම්භ වූ මාලදිවයිනේ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු මේවනවිට පැවැත්වෙනවා. මැතිවරණ නිති උල්ලංඝණය කිරීම් පිළිබඳ සිදුවීම් රැසක් මේවනවිටත් වාර්තා වී ඇති බවයි මැතිවරණ නිරික්ෂණ කණ්ඩායම් පවසන්නේ. රට තුළ දේශපාලන අර්බුධ රැසක් පවතින පසුබිමක් තුළ මෙම ජනාධිපතිවරණය පැවැත්විම විශේෂත්වයක්. 

2008 වසරින් පසුව මාලදිවයින තුළ පැවැත්වෙන 03 වන බහු පාක්ෂික ජනාධිපතිවරණය වන්නේද මෙයයි.

මේ අතර එරට විපක්ෂ මූලස්ථානය පොලිස් විශේෂ මෙයෙුම් ඒකකය විසින් වටලා තිබෙනවා. මූලස්ථානයට ඇතුළු වූ පොලිස් නිලධාරීන් පැය 14ක කාලයක් පුරා එහි රැඳී සිට ඇති බවයි පැවසෙන්නේ. මැතිවරණ කඩාකප්පල්කාරී කි‍්‍රයා වැළැක්වීම සඳහා මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක කළ බව පොලීසිය පැවසුවත්, විපක්ෂ කි‍්‍රයාකාරීන් රජයේ මෙම කි‍්‍රයාකලාපයට  දැඩි විවේචන එල්ල කළා.