Thursday, April 18, 2024

General line - 0115112241

ආසියාවේ ප්‍රබලයින් අද සටන් බිමේ

තරංග රුක්ෂාන් ජයසේකර




ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ලොවක් බලා සිටින තරගයක් දැන් පැවැත්වෙනවා. ඒ, ඉන්දියාව සහ පකිස්තානය අතරයි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙන පකිස්තානය පන්දුවාර 15.5ක් අවසානයේ කඩුලූ 3ක් දැවී ලකුණු 58ක් රැස්කර ගෙන සිටිනවා.

මේ අතර බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය ද මේ වනවිට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන බංග්ලාදේශය පන්දුවාර 15.3ක් අවසානයේ කඩුලූ 2ක් දැවී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 56ක්.

මෙම තරග දෙකම පැවැත්වෙන්නේ ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 04 වටයේ තරග ලෙසයි.