Friday, March 29, 2024

General line - 0115112241

ගැටබරු රජ මහ විහාරයේ රන්දෝලි මහා පෙරහැර විථි සංචාරය කෙරේ (UPDATE)




දෙණියාය, කොටපොළ ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථ ගැටබරු ඇසළ මංගල්‍යයේ රන්දෝලි මහා පෙරහැර මේ වනවිට විථි සංචාරය කෙරෙනවා. එහි තොරතුරු ගැටබරුව ඇසල උත්සව කමිටුවේ සම්බන්ධීකරන ලේකම් මහින්ද විදානපතිරනගෙන්. 

දෙණියාය, කොටපොළ ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථ ගැටබරු ඇසළ මංගල්‍ය ස`දහා බැතිබර රේඩියෝ අනුග‍්‍රහය නෙත් එෆ් එම් රේඩියෝවෙන්. 

 

...............................................................

ගැටබරු රජ මහ විහාරයේ රන්දෝලි මහා පෙරහැර අද 

(24-09-2018 06:24)

කොටපොල ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථ ගැටබරු ඇසළ මහා මංගල්‍යයේ රන්දෝලි මහා පෙරහැර අද (24) වීථි සංචාරය කෙරෙනවා.

විවිධ සම්ප‍්‍රදායන් නියෝජනය කරමින් නර්තන ශිල්පීන් දහසකට වැඩි පිරිසක් ඊට සහභාගී වීමට නියමිතයි.

ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථානයේ  කෘත්‍යාධිකාරි, ගැටබරුව උත්සව කමිටුවේ ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය කිරින්දේ ආනන්ද හිමියන් සඳහන් කළේ අද දින රන්දෝලි මහා පෙරහැර සවස 2.32ට විහාර උඩමළුවේදී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

අද පැවැත්වෙන රන්දෝලි මහා පෙරහැරට අලි ඇතුන්ද එක්වන බව මෙහිදී සිහිපත් කෙරුණා. 

කොටපොල ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථ මෙම ගැටබරු ඇසළ මහා මංගල්‍යයට බැතිබර රේඩියෝ දායකත්වය ලබා දෙන්නේ නෙත් එෆ්. එම්. රේඩියෝවෙන්. 

-----------------------------------

ගැටබරු රජ මහ විහාරයේ ඇසල මංගල්‍යයේ තුන්වන පේළි පෙරහැර අදයි 

(23-09-2018 18:21)

 

දෙණීයාය කොටපොල ඓතිහාසික ගැටබරු රජ මහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ තුන්වන පේළි පෙරහැර මේ වනවිට වීථි සංචාරය කරමින් තිබෙනවා. හෙට (24) සිට ආරම්භ වන්නේ රන්දෝලි පෙරහැරයි. මේ, ඒ පිළිබඳ අදහස් දැක්වූ ගැටබරු රජමහා විහාරස්ථානයේ බස්නායක නිලමේ කිංස්ලි ලියනගේ. 

ඓතිහාසික ගැටබරු රජ මහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර මංගල්‍ය සඳහා මාධ්‍ය දායකත්වය නෙත් එෆ් එම් රේඩියෝවයි.