Wednesday, April 24, 2024

General line - 0115112241

කොග්ගල දුම්රිය අනතුරින් බිලිඳියක් මරුට

තරංග රුක්ෂාන් ජයසේකර




හබරාදුව සහ කොග්ගල අතර දුම්රිය හරස් මාර්ගයකදී අද (23) පස්වරුවේ මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදු වුණා. පොලිසිය පැවසුවේ අනතුරෙන් මාස 02ක් වයසැති බිළිඳීයක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මෝටර් රථය ගැටී ඇත්තේ මාතර සිට මහනුවර බලා ගමන් ගත් සීඝ‍්‍රගාමී දුම්රියේයි. 

අනතුරෙන් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර ප‍්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝ්හලට ඇතුළත් කෙරුණා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කළහේ ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් කොග්ගල ප‍්‍රදේශයේ හෝටලයක පැවති සුහද හමුවකට සහභාගී වී යළි පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවද මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.