Saturday, April 20, 2024

General line - 0115112241

ගිතෙල් පහන් පුජාවෙන් ඒකාලෝකමත් වන නෙත් එෆ් එම් ශ්වේත පුජාව (UPDATE)




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා පොහොය දින වැඩසටහනට සමගාමීව පල්ලෙබැද්ද ඓතිහාසික ශ‍්‍රී සංඛපාල රාජමහා විහාරස්ථානයේදී අද (24) රාති‍්‍රයේ ගිතෙල් පහන් පූජාවක් පැවැත්වෙනවා. එහි තොරතුරු නෙත් විශේෂ නියෝජිත වරුණ එදිරිසිංහගෙන්.

...............................................................

නෙත් එෆ් එම් ශ්වේත පුජාව ඇරඹෙයි

(24-09-2018 06:18)

නෙත් එෆ්. එම්. රේඩියෝව සංවිධාන කරන ශ්වේත පූජා පොහොය දින වැඩසටහන පල්ලෙබැද්ද ඓතිහාසික ශ‍්‍රී සංඛපාල රාජමහා විහාරස්ථානයේදී අද (24) පැවැත්වෙනවා.

උවැසි උවැසියන් අෂ්ඨාංග සීලය සමාදන් කරවීමෙන් අද අලුයම මෙම වැඩසටහන ආරම්භ වුණා. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සම්බුද්ධ පූජා සහ ආශිර්වාද පූජා වැනි තවත් පිංකම් ද ඊට ඇතුළත් වනවා.

පල්ලෙබැද්ද ඓතිහාසික ශ‍්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ භාරකාර, පූජ්‍ය කොකාවිල කෝසල හිමියන් පෙන්වා දුන්නේ නිවසේදීම සකස් කරගත් පැන් කලයක් රැගෙන පැමිණෙන ලෙසට සැදැහැවතුන්ට මතක් කර සිටින බවයි.

අද පැවැත්වෙන ශ්වේත පූජා පොහොය දින වැඩසටහනෙන් පසු ලබන 28 වැනිදා සිට පල්ලෙබැද්ද ඓතිහාසික ශ‍්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය ද පැවැත්වෙනවා.

 

-------------------------------------

නෙත් එෆ් එම් ශ්වේත පුජාව හෙටයි 

(23-09-2018 21:38)

 

හෙට (24) බිනර පෝදා නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන පල්ලෙබැද්ද ශ‍්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. මේ, සංඛපාල රජමහා විහාරස්ථ භාරකාර, පූජ්‍ය කොකාවිල කෝසල හිමියන්.