Thursday, April 25, 2024

General line - 0115112241

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවතට

දිනුක් හේවාවිතාරණ




එක්දින සහ විස්සයි 20 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ඇන්ජලෝ මැතිව්ස් සිය ධුරයෙන් ඉවත්වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ඉල්ලීමක් පරිදි බවයි වාර්තා වන්නේ.

මේ අතර ලබන මාසයේදී එංගලන්ත සමග ආරම්භ වීමට නියමිත ක්‍රිකට් සංචාරයේ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත්කොට ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.