Thursday, March 28, 2024

General line - 0115112241

විපක්ෂයේ අපේක්ෂකයා ජය ප්‍රකාශ කරයි

දිනුක් හේවාවිතාරණ




මාලදිවයින් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තමන් සතුවූ බව එරට විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඉබ්‍රාහිම් මොහොමඩ් සොලිහ් ප්‍රකාශ කර සිටිනවා.

මේ වන විට ගණන් කර තිබෙන 92% ක් ජන්ද වලින් තමන් වත්මන් ජනාධිපති අබ්දුල්ලා යාමින්ට වඩා 16% ක ජන්ද ප්‍රතිශතයකින් තමන් ඉදිරියෙන් සිටින බවයි විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඉබ්‍රාහිම් මොහොමඩ් සොලිහ් ප්‍රකාශ කර සිටින්නේ. කෙසේ වුවත් මාලදිවයින් මැතිවරණ දෙපාර්තමේන්තුව ජනාධිපතිවරණයේ අවසන් නිල ජන්ද ප්‍රතිපලය මේ දක්වා නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ වන විට ජන්ද පෙට්ටි 472 කින් පෙට්ටි 437 ක ජන්දය ගණන් කර අවසන්ව ඇති බවත් වත්මන් ජනාධිපතිවරයාට වඩා විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරියෙන් සිටින බවට මාලදිවයිනස් ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

ඊයේ (23) පැවති ජනාධිපතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරීමට ලබාදී තිබු කාලයට වඩා අමතරව පැය 3 ක කාලයක් ලබාදීමට මැතිවරණ බලධාරීන් පියවර ගනු ලැබුවා. ඒ ජන්දය ප්‍රකාශ කිරීමට දිගු පෝලිම් පැවතීම හේතුවෙන්.

මෙවර මාලදිවයින් ජනාධිපතිවරණය විවාදාත්මක මැතිවරණයක් බවට පත්ව තිබෙනවා.

ජනාධිපතිවරණය පිලිබදව අමෙරිකාව, යුරෝපා සංගමය, ඉන්දියාව දැඩි අවධානයකින් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන ඉබ්‍රාහිම් මොහොමඩ් ප්‍රකාශ කර සිටියේ වත්මන් ජනාධිපතිවරයා සාමකාමී අයුරින් බලය හුවමාරු කර ගනු ඇති බව තමන් අපේක්ෂා කරන බවයි.