Thursday, April 25, 2024

General line - 0115112241

තියුණු තරගයකින් පසු බංග්ලාදේශය ජය ලබයි : රෝහිත් සහ ශිකර් වාර්තා පොත් අලුත් කරයි

දිනුක් හේවාවිතාරණ




ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ ඊයේ (23) පැවති තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදවා ලකුණු 3 කින් ජය ගැනීමට බංග්ලිදේශය සමත් විය.

කාසියේ වාසිය දිනු බංග්ලිදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. සිය නියමිත පන්දු ඕවර 50 තුලදී කඩුලු 7 ක් දැවී ලකුණු 249 ක් රැස් කිරීමට ඔවුන් සමත් වුනා. 

6 වන කඩුල්ල සදහා ඉම්රුල් කායිස් (නොදැවී 72) සහ මහම්දුල්ලා (74) එක්ව ලකුණු 128 ක් එක් කිරීම නිසා ඇෆ්ගනිස්ථානයට තරගකාරී ඉලක්කයක් ලබා දීමට බංග්ලිදේශ පිතිකරුවන්ට හැකිවූවා.

ලකුණු 250 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගන් පිතිකරුවන්ට එය පහසු ඉලක්කයක් ලෙස පෙනුනත් බංග්ලිදේශ පන්දු යවන්නන් පෙර තරග වලට වඩා සාපේක්ෂව සංයමයකින් යුතුව පන්දු යවමින් තරගය සිය පාලනයට ගැනීමට සමත් වුවා. 

එසේ වුවත් අවසන් පන්දුවාර 03 දී දක්ෂ පිතිහරඹයක නියැලුණු ඇෆ්ගන් පිතිකරුවන්ට අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණයට ලකුණු 08 ක ඉලක්කයක් හිමිවුවා.

තරගයේ අවසන් පන්දු ඕවරය යැවු බංග්ලිදේශයේ මුස්ටෆිසුර් රෙහෙමාන් ඇෆ්ගන් පිතිකරුවන්ට ලකුණු 5 ක් පමණක් ලබාදෙමින් ලකුණු 3 ක තියුණු ජයක් හිමිකර දීමට සමත් වුනා.

මේ අතර පාකිස්ථානය සමග පැවති තරගයෙන් ඉන්දියාව කඩුලු 09ක ජයක් ලබා ගැනීමට සමත් වුනා. 

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්ථානය සිය පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 237ක් රැස්කර ගනු ලැබුවා. 

ලකුණු 238 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දු ඕවර 39.3 කදී සිය ඉලක්කය සපුරා ගනු ලැබුවා. ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන රෝහිත් ෂර්මා (නොදැවී ලකුණු 111) සහ ශිකර් ධවාන් (114) සිය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 210 ක සම්බන්ධතාවයක් පැවැත්වූවා. 

පාකිස්ථානයට එරෙහිව ඉන්දීයානු කණ්ඩායම එක්දින තරගයකදී  ආරම්භක කඩුල්ල වෙනුවෙන් තැබූ ඉහලම සම්බන්ධතාවය ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වනවා.