Friday, April 26, 2024

General line - 0115112241

පොලිස්පතිව ස්කොට්ලන්තයට යැවීමට අමාත්‍යාංශය තීරණය කරයි

සජිත් තිලකරත්න




නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය විසින් පොලිස්පති පූජිත් ජයසුන්දරව විදේශ පුහුණුවක් සඳහා යැවීමට තීරණය කර තිබෙනවා.

පොලිස්පතිවරයා සමග නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා ද මෙම පුහුණුවට එක්වීමට නියමිතයි. පුහුණුව සිදු කෙරෙන්නේ ස්කොට්ලන්තයේදීයි.

ඊට එක්වීමට පොලිස්පතිවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා ලබන 29 වැනිදා ශ‍්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. 

මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ඉදිරිපත් වී ඇති විවිධ පැමිණිලි සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක‍්‍රියාත්මකයි. නීතිය හා සාමය පිළිිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර විසින් පත් කෙරුණු කමිටුවක් යටතේ මෙම විමර්ශන සිදු කෙරනවා.