Friday, April 26, 2024

General line - 0115112241

ක්‍රිකට් නිසි බලධාරියා කණ්ඩායම කැඳවන්න සැරසෙයි

කසුන් කැළුම්




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා වන, ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට කැඳවීමක් සිදු කරන්නට සූදානම් බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් මෙම හමුව සඳහා දිනයක් මේ දක්වා ප‍්‍රකාශ වී නැහැ.

ලබන 10 වැනිදා ආරම්භ වන එංගලන්ත සංචාරයට පෙර හමුව සිදුවනු ඇතැයි ක‍්‍රීඩා ආරංචි කියා සිටියේ. 

මේ අතර ශ‍්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන එංගලන්ත සංචාරය සඳහා එක්දින සහ 20යි 20 නායකයා ලෙස නම් කර ඇත්තේ මේ දක්වා ටෙස්ට් කණ්ඩායමේ පමණක් නායකත්වය දැරූ දිනේෂ් චන්දිමාල්.