Wednesday, April 24, 2024

General line - 0115112241

ක්‍රිකට් යළිත් හදන හැටි අර්ජුන පැහැදිළි කරයි




“ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළා මේ ආණ්ඩුව. ඒකට දයාසිරි කියන පුද්ගලයා වගකියන්න ඕනේ. ඔහු තමයි බුකීකරුවන් ක්‍රිකට් ක්‍රීඩාවට ගෙනාවේ. අද දයාසිරි කියන්නේ බුකිපාලගේ කතා. ඒ නිසා දයාසිරිට ඉස්සරහට මිනිස්සු කියන්න පටන් ගනී බුකිසිරි කියලා. ඒක නවත්වන්න ලැබෙන්නේ නැහැ......” යැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (24) පැවැති උත්සවයකින් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ ලබන පරාජයන් ගැන මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

එහිදී "දයාසිරි ක්‍රීඩා අමාත්‍යවරයා මොකද්ද කළේ ? එතුමා නීතිඥවරයෙක් කිව්වට නීතිය කියවා ගන්න දන්නේ නැතිව ක්‍රිකට් පරිපාලනයට බුකිකාරයින්ට එන්න දුන්නා. අද බුකිකාරයින් මේ සමස්ත ක්‍රීඩාවම විනාශ කර තිබෙනවා....”යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියා.

(ඒ පිළිබඳ වැඩි විස්තර පහතින් දැක්වෙයි)