Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දීය කී‍්‍රඩිකාවන් ශී‍්‍ර ලංකාවට එරෙහි 20 යි 20 තරගාවලිය ජය ගනී

කසුන් කැලුම්




ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම සමග පැවති සිව්වන පන්දුවාර 20 කි‍්‍රකට් තරගයෙන් කඩුළු 7 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (24) සමත් වුණා. තරගය පැවැත්වුණේ කොළඹ සී සී සී කී‍්‍රඩාංගණයේදීයි. වර්ෂාව හේතුවෙන් පන්දුවාර 17 කට සීමා වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම කඩුළු 5 ක් දැවී ලකුණු 134 ක් රැස් කළා.

ඉන්දීය කී‍්‍රඩිකාවන් එම ඉලක්කය පසුකර ගියේ 16 වන පන්දුවාරයේදීයි. බිද වැටණු කඩුළු සංඛ්‍යාව 3 ක්. ඒ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරග 5 කින් සමන්විත මෙම තරගාවලිය ජය ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.