Tuesday, March 19, 2024

General line - 0115112241

රුපියල රැක ගන්න මහ බැංකුව ගත් අලුත්ම පියවර

හේමන්ත කහවලගේ




ශී‍්‍ර ලංකා මහ බැංකුව තමන් සතු සංචිතවලින් අමෙරිකානු ඩොලර් මිලියන 60ක් වෙළඳපොල වෙත මුදා හැර තිබෙනවා.

ශී‍්‍ර ලංකා මහ බැංකුව මෙම පියවර ගෙන ඇත්තේ රුපියලේ අගය දිගින් දිගටම අවප‍්‍රමාණය වීම අවම කිරීම සඳහායි.  

රුපියල දිගින් දිගටම අවප‍්‍රමාණය විම වළක්වා ගැනීම සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකුව මැදිහත් නොවන්නේ මන්දැයි පාර්ශ්ව ගණනාවක් ඉකුත් සමයේ ප‍්‍රශ්ණ කළා. රුපියල මෙලෙස අවප‍්‍රමාණය වීම ජාතික ආර්ථිකයට නරක බලපැම් ඇති කරන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

ඉකුත් සිකුරාදා ගනුදෙනු අවසන් වනවිට අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 170යි ශත 66ක් ලෙස සටහන් වුණා.