Saturday, April 20, 2024

General line - 0115112241

අනෙක් මුදල් ඒකක හමුවේත් රුපියල බාල්දු වෙයි

ඩිල්ෂාන් මඩවල/සමන්ත කුමාර/ලහිරු කපුගෙ




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම අවප‍්‍රමාණය වීම මේ වනවිට බෝහෝ පාර්ශ්වවල අවධානය යොමුව ඇති කරුණක්. එහෙත් අමෙරිකානු ඩොලරය මෙන්ම සෙසු විදේශ මුදල් ඒකකයන් රැසකට  සාපේක්ෂව ශී‍්‍ර ලංකා රුපියල අවප‍්‍රමාණය වෙමින් පවතිනවා.

ඒ පිළිබඳ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අදහස් දැක්වූ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිංහ සඳහන් කළේ අප ගණුදෙනු කරන ඕනෑම අනෙකුත් මුදල් ඒකකයක් සමගද රුපියල අවප්‍රමාණය වෙන තත්ත්වයක් ආර්ථිකයේ ඇති වී ඇති බවයි.

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ දත්ත අනුව බි‍්‍රතාන්‍ය ස්ටර්ලින් පවුමක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 224 යි ශත 53ක් ලෙසයි. යුරෝ ඒකක විකුණුම් මිල රුපියල් 201 යි ශත 29ක්. ඕස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 124 යි ශත 66ක් ලෙස පැවතුණා. යුවාන් එකක විකුණුම් මිල රුපියල් 25 යි ශත 5ක් ලෙසත්, යෙන් එකක විකුණුම් මිල රුපියල් 01 යි ශත 52ක් ලෙසත් සටහන් වුණා.