Thursday, April 25, 2024

General line - 0115112241

ලියුම නිසා මැතිව්ස්ට තේරීම් කම්ටුවෙන් කැපිල්ලක්

කසුන් කැලුම්




එංගලන්තය සමග පැවැත්වෙන එක්දින සහ විස්සයි 20 සංචිතයෙන් මැතිව්ස් ඉවත් කිරීමේ සූදානමක් පවතින බව ක්‍රිකට් ආරංචි පවසනවා. මැතිව්ස් විසින් ඊයේ (24) යොමු කල ලිපිය හේතුවෙන් මැතිව්ස්ට තේරීම් කමිටුව විසින් මේ බව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

මැතිව්ස්ට ආබායක් බව හගවමින් තේරීම් කමිටුව ඔහු ඉවත් කිරීමටයී සූදානම් වන්නේ. එහෙත් ආසියානු කුසලානයට මැතිව්ස් සහභාගි වූයේ ආබාධයකින් තොරවයි. හදිසියේ මැතිව්ස්ට ආබාධයක් ඇති බව තේරිම් කමිටුව පවසා ඇත්තේ මැතිව්ස් එම තරගාවලියෙන් ඉවත් කිරීම සදහා බවයි වාර්තා වන්නේ.

නායකයෙකු ලෙස මැතිව්ස් අසාර්ථක වුවද ඔහු පිතිකරුවෙකු ලෙස මෑත කාලයේ දක්වා ඇති දස්කම් අනුව මැතිව්ස් කන්ඩායමට ඇතුළත් විය යුතු බව බොහෝ දෙනාගේ මතයයි.