Saturday, April 20, 2024

General line - 0115112241

මුහුදු මංකොල්ලකරුවන් පිරිසක් ස්විට්සර්ලන්ත නෞකාවක් පැහැර ගනියි




මුහුදු මංකොල්ලකරුවන් පිරිසක් විසින් පැහැර ගන්නා ලද නාවිකයින් පිිරිසක් සොයා නයිජීරියානු නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. එම මුහුදු මංකොල්ලකරුවන් විසින් පැහැරගෙන ඇත්තේ ස්විට්සර්ලන්තයට අයත් නෞකාවක යාත‍්‍රා කරමින් සිටි නාවික පිරිසක්.

පළමුව නෞකාවට ඇතුළු වුණු මංකොල්ලකරුවන් අදාළ නෞකාව පැහැරගෙන පසුව එහි සිටි නාවිකයින් පිරිස පැහැර ගෙන ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. නෞකාව පැහැර ගන්නා අවස්ථාවේදී එය නයිජීරියානු මුහුුදු සීමාවේ යාත‍්‍රා කරමින් තිබුණා. පැහැර ගත් නාවිකයින් පිරිස අතර පිලිපීන, යුක්රේන, රොමේනියා, ක්‍රොඒෂියා සහ බොස්නියා ජාතිකයින් වන බව සඳහන්.

අදාළ නාවිකයින් පිරිස සොයා ජාත්‍යන්තර පොලිසියේ ද සහය ලබා ගැනීමටයි නයිජීරියානු බලධාරීන් පියවර ගෙන ඇත්තේ.