Thursday, April 25, 2024

General line - 0115112241

පිදුරංගල අඩනිරුවත් ජයාරූප ගත් අයට වැඩ වරදියි

දිනුක් හේවාවිතාරණ / කාංචන කුමාර




සිගිරිය පිදුරංගල රජමහ විහාරස්ථ පර්වතය මත සිට අඩනිරුවත්ව සිටිමින් ජයාරූප ගෙන එම ජයාරූප සමාජ මාධ්‍ය ජාලා වලට මුදාහැරිම සම්බන්ධයෙන් සිගිරිය පොලිසියට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරනවා.

ඒ අනුව සිගිරිය පොලිසිය 1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන වැළැක්විමේ සංශෝධන පනත හා පොලිස් ආඥා පනත ප්‍රකාරව මෙම ජයාරුපයන්ට පෙනී සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කෙරේ.

නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ අදාළ අඩනිරුවත් ඡායාරූප සමාජජාල වෙත මුදාහැරි පිරිසෙන් දෙදෙනෙකුගේ අනන්‍යතාව හෙළි වී ඇති බවයි. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට ද පරීක්ෂණ ක‍්‍රියාත්මකයි. 

පිදුරංගල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දානියගම ආනන්ද හිමියන් පැවසුවේ මෙම තරුණ කණ්ඩායම වහා අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවයි. 

මෙම සිද්ධිය පිළිබඳ සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.