Saturday, April 20, 2024

General line - 0115112241

මේ ආණ්ඩුව වගේම පහුගිය ආණ්ඩුවත් රුපියලට වගකියන්න ඕනේ - අනුර කුමාර

පසන් වික්‍රමතිලක /මහේෂ් චතුරංග/ දිල්ශාන් තුෂාර 




රුපියල කඩා වැටීම පිළිබඳ අද (25) දිනයේ ද විවිධ අදහස් පළ වුණා. මේ, ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක.

පසුගිය දවසක හිටපු ජනාධිපතිවරයා සහභාගිවූ මාධ්‍ය සාකච්ජාවකදී රුපියල කඩා වැටීම ගැන අර්ථකථනය කරන්න. එතනදී මාධ්‍යවේදියෙක් එතුමගෙන් ප්‍රශ්නයක් ඇසුවා මේකට තියන විසඳුම් මොනවාද කියලා. එවිට හිටපු ජනාධිපතිවරයා කියනවා විසඳුම ඔහු සතුව තියනවා බලය ගත්තම කරන්නම් කියලා. ඒක හරියට ඇලඩින්ගේ පුදුම පහන ලග තියනවා වගේ. එහෙම විසදන්න බැහැ මේ ආර්ථික කඩා වැටීම. මේ රුපියල කඩා වැටීම පවතින ආණ්ඩුවේ විතරක් නෙමෙයි පසුගිය ආණ්ඩුවේ පාලනයත් සෘජු ලෙස වගකියන්න ඕනේ යැයි මෙහිදී ඔහු කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර ද ඒ පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.

2005 දී රුපියල් 114 ට තිබුනේ. පස්සේ ඒක රු. 132 දක්වා ඉහළ ගියා 2015 වෙනකොට එතන රු. 18 ක් අවප්‍රමාණය වෙලා තියනවා. 2015 ඉදලා අද වෙනකොට රුපියල් 172ක් වෙලා තියනවා. ඒ අනුව රුපියල් 39 කින් අපේ රටේ බල්දුවකට යටවෙලා තියනවා. ඉතින් මේ ගණන් ඇස් ඉදිරියේ පෙනෙන්න තිබියදීම සියට ගණන් කතා කරලා මේක මංගල සමරවීර ඇමතිවරයා මේක පටලවන්න උත්සහ කරනවා.

මේ, ඒකාබද්ධ විපක්ෂය කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ. 

අමාත්‍ය මහින්ද අමරවීර රුපියල කඩා වැටීම පිළිබඳ පළ කළේ මෙවන් අදහසක්. 

අමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය අද (25) දැක්වූණේ රුපියල් 170.39ක් ලෙසයි.