Wednesday, April 24, 2024

General line - 0115112241

හඬ පරික්ෂා කරන්න අධිකරණය අවසර දෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සම්බන්ධයෙන් අනාවරණයක් කළ නාමල් කුමාර නමැත්තා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර හඬ පට සාම්පලයක් ලබාගැනීමට අධිකරණය අද (25) අවසර ලබාදුන්නා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුවයි. 

ඒ අනුව හෙට (26) පෙරවරුවේ නාමල් කුමාර නමැත්තා රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙසටයි දන්වා ඇත්තේ. ආන්දෝලනාත්මද දුරකතන සංවාදවල කට හඬ නිශ්චිත කර ගැනීම මෙහි අරමුණයි.