Friday, April 26, 2024

General line - 0115112241

ෆේස්බුක් - ඉන්ස්ටර්ග‍්‍රෑම් දීගය දෙදරයි

තරංග රුක්ෂාන් ජයසේකර




ලොව පුරා ජනප‍්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන ඉන්ස්ටර්ග‍්‍රෑම් සමාගම සහ ෆේස්බුක් සමාගම අතර අර්බුදයක් හටගෙන තිබෙනවා. ඒ, ඉන්ස්ටර්ග‍්‍රෑම් නිර්මාතෘවරුන් ෆේස්බුක් සමාගම හැරයාමත් සමඟයි. 

ඡායාරූප සඳහා ප‍්‍රමුඛ සමාජ මාධ්‍ය ජාලයක් වන ඉන්ස්ටර්ග‍්‍රෑම් ඔවුන් බිහි කරන්නේ 2010 වසරේදීයි. එය ෆේස්බුක් සමාගම විසින් 2012 දී මිලිදී ගනු ලබනවා. ඒ, අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලකටයි. ඉන්ස්ටර්ග‍්‍රෑම් නිර්මාතෘවරුන් හා ෆේස්බුක් සමාගම අතර මතභේද ඉහළයාම හේතුවෙන් මෙම තත්වය උද්ගත වන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.