Tuesday, April 16, 2024

General line - 0115112241

රුපියල රැක ගන්න රජය සීමා සහිතව මැදිහත්වීම ගැන මංගල කරුනු පහදයි

දිල්ශාන් තුෂාර




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ක‍්‍රමයෙන් ස්ථාවර වෙමින් ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ඒ, වත්මන් තත්වය පිළිබඳ ප‍්‍රකාශයක් කරමින්. 

එහිදී "රජයක් ලෙස මෙම අවප්‍රමාණය වලක්වා ගැනීමට විශාල වශයෙන් මෙම විදේශ විනිමය වියදම් කරන්න තිබුණා. නමුත් අපි ඒ විදේශ විනිමය මේ සඳහා යෙදවීම බොහොම ප්‍රවේශමෙන් සීමා සහිතව කළේ. මේ වෙනකොටත් අපිට ඩොලර් බිලියන 08කට වඩා විදේශ විනිමය ප්‍රමාණයක් තියෙනවා.  මේ සියල්ලටම වඩා මේ මුදල් අපි තියාගන්න ඕනේ ණය ගෙවන්න. මේ අවුරුද්දේ විතරක් රුපියල් ට්‍රිලියන 1.9ක් ගෙවන්න තියෙනවා." යනුවෙන් සඳහන් කළා.

ආනයන සීමා කරමින් මෙම තත්වයට මුහුණදීමට ආණ්ඩුවට සිදුවන බව අමාත්‍යවරයා සඳහන් කළා. 

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය ඊයේ (25) සටහන් වුයේ රුපියල් 170යි ශත 39ක් ලෙසයි. 

ඉකුත් සිකුරාදා ගනුදෙනු අවසන් වනවිට අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 170යි ශත 66ක් ලෙස සටහන් ව තිබුණා.