Thursday, April 25, 2024

General line - 0115112241

"උල ඇණීමේ වේදනාව සහ උල ඇණීම මතක් වෙන විට ඇතිවන වේදනාව මගේ ජනතාවටයි"- එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ජනපති කළ ඉල්ලීම (VIDEO)




ශ‍්‍රී ලංකාවේ ප‍්‍රශ්න ශ‍්‍රී ලංකාවට විසඳා ගැනීමට ඉඩ ලබා දෙන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කළා.

ඒ, අද (26) අලූයම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය අමතමින්.  

විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතු සිව්වන අවස්ථාව මෙයයි.

එහිදී "බුදු රජාණන් වහන්සේ දේශනා කළ බෞද්ධ දර්ශනයේ තිබෙනවා..යම් කෙනෙකුගේ ශරීරයේ උලක් හෝ කටුවක් ඇනුනු විට ඒ උල හෝ කටුව ඇණීමෙන් ඇතිවන වේදනාව වගේම..ඒ උලක් හෝ කටුවක් ඇණුනා කියා මතක් වෙන විට ඇතිවන  කම්පාව තවත් වේදනාවක්. ඒ අනුව උල ඇණීමේ වේදනාව සහ උල ඇණීම මතක් වෙන විට ඇතිවන වේදනාව..මේ වේදනා දෙකක්. මේ සියලු වේදනාවන් ඒ ඇණුනු පුද්ගලයාටයි. ශ්‍රී ලංකාවෙත් ඒ දීර්ඝ කාලීන යුද්ධයක අත්දැකීම්වලදී ඇති වූ වේදනාවන් දෙකම ශ්‍රී ලංකාවේ ජනතාවටයි. ඒ අනුව වෙනත් අයට නොව රටේ ජනතාවට ඇතිවී තිබෙන වේදනාවන් සමනය කරගෙන මගේ ජනතාවට සහ රටට ඉදිරියට යන්නට ඔබ සියලු දෙනාගේම සහාය ඉල්ලා සිටිනවා." යනුවෙන් පෙන්වා දුන්නා.

තිලක් මාරපන, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් යන අමාත්‍යවරුන් ද ශ්‍රී ලංකාව නියෝනය කරමින් සමුළුවට එක්ව සිටියා.