Saturday, April 20, 2024

General line - 0115112241

සිය ජනපති අපේක්ෂකයා ගැන නාමල්ගේ මතය මෙන්න




සිය ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තීරණය ගත යුත්තේ රටේ ජනතාවගේ ඉල්ලීමට අනුව බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඊයේ (26) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්  මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා ඉන්දියාවේදී මාධ්‍ය වෙත සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්  මෙම වැඩසටහනේදී නැගුණු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළා. 

පවතින අස්ථාවර තත්ත්වය හමුවේ වහා ජාතික මැතිවරණයක් පැවැත්විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මෙහිදී පෙන්වා දුන්නේ. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.