Friday, March 29, 2024

General line - 0115112241

රත්තරන් මිලත් ඉහළට

දිල්ශාන් තුෂාර




ඩොලරයේ අගය ඉහළයාම සහ බදු වැඩි කිරීමත් සමග රත‍්‍රං මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති පේෂල ජයරත්න පැවසුවේ මේ හේතුවෙන් රන් පවුමක මිල මේ දිනවල සියයට 20කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. 

මේ දිනවල පවතින රත‍්‍රං මිල ගණන් සම්බන්ධයෙන් ද ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් කරුණු දැක්වූවා. 

එහිදී "රත්තරන් වැඩි වෙන්න එක හේතුවක් වන්නේ ආනයනික බදු වැඩි කිරීම.. අනෙක් කාරණය රුපියල අවප්‍රමාණය වීම. මේක ලංකාව ඇතුළේ රත්තරන් ගැණුම්කරුවන්ට යම් බලපෑමක් ඇති කරනවා. දැන් කැරට් 24 රත්තරන් පවුමකට වෙළඳපොළේ රුපියල් 55000ක් වගේ මිලක් නියම වෙලා තියෙනවා. කැරට් 22 ගත්තොත්  40000 සිට 50000 ස ඉක්මවා ගොස් තිබෙනවා. ඒ කියන්නේ රුපියල් 10000ක් විතර වැඩි වෙලා තියෙනවා." යනුවෙන් සඳහන් කළා.