Thursday, April 25, 2024

General line - 0115112241

වාහන 5ක් එකිනෙක ගැටෙයි (PHOTOS)

ලලිත් චාමින්ද




මාපලගම ප්‍රධාන මාර්ගයේ ලබුදුව දක්ෂිණපාය ඉදිරිපිටදි අද (27) දහවල් කාර් රථයක්  ත්‍රී රෝද රථ දෙකක තවත් කාර් රථයක හා යතුරුපැදියක ගැටිමෙන් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසනවා.

මරුටි වර්ගයේ කාර් රථය ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබි ඇති අතර ත්‍රී රෝද රථය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණ ඇත. කාර් රථය පළමුව  එම ත්‍රී රෝද රථයේ හා තවත්  ත්‍රී රෝද රථයක ගැටි ඇත. ත්‍රී රෝද රථය කාර් රථයක ගැටි ඇති අතර අනතුරට අදාල කාර් රථය යතුරුපැදියක ගැටි නතරවි ඇත. කාර් රථයේ රියදුරුට නින්දයාම නිසා මෙම අනතුර වි ඇති බව පැවසේ. තුවාල ලබා ඇත්තේ ත්‍රී රෝද රථයේ පැමිණි දෙදෙනෙකි.

අනතුර සම්බන්දව අක්මිමන පොලිසිය පරික්ෂණ පවත්වයි.