Thursday, April 25, 2024

General line - 0115112241

වෙඩි වැදී මඩේ එරුණු අලි පැටවකුගේ දිවි බේරන්න වනජීවී නිලධාරීන් දැඩි උත්සාහයක (PHOTOS)

චම්ලි ඒකනායක




කන්තලේ සිට ඇල්ල ප්‍රධාන මාර්ගයේ සූරියපුර ප්‍රදේශයේ ජනරංජන වැවේ වැව් පිටියේ දින 03ක් පමණ මඩේ එරී සිටි වයස අවුරුදු 05ක පමණ වූ අලි පැටවෙකු එම මඩ වලෙන් බේරාගැනීම සඳහා පැය 24ක පමණ කාලයක් නොනවත්වා කන්තලේ වනජීවී අඩවි කාර්යාලීය නි,ධාරීන් හා ගිරිතලේ පශු වෛද්‍ය කාර්යාලීය නි.ධාරීන් ක්‍රියාත්මක වී බේරාගෙන ප්‍රතිකාර ආරම්භ කර තිබෙනවා.

ජේ.සී.බී යන්ත්‍ර දෙකක් භාවිතා කරමින් සිදුකළ මෙම බේරාගැනීමේ මෙහෙයුමට වනජීවී නිලධාරීන් හට යුද හමුදා නිලධාරීන්, සූරියපොළ පොලීසියේ නිලධාරීන්, සිවිල් ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සහය දී ලබා දුන්නා.

දින 03ක් මඩේ එරී සිටීම නිසා ශරීරය දුර්වල වීම හේතුවෙන් ගිරිතලේ පශුවෛද්‍ය පශු වෛද්‍ය නිලධාරීන් අද (28) වන විටත් ප්‍රතිකාර සිදු කරමින් සිටී. 

මෙම අලි පැටවාගෙ ඉදිරි වම් පාදයට ඉහළින් වෙඩි සලකුණු දෙකක් ඇති අතර ඉන් සැරව ගැලීමක්ද පවතින බවයි පශු වෛද්‍ය නිලධාරීන් පවසන්නේ. වෙඩි සලකුණු දෙක ශරීරය අභ්‍යන්තරයට ගමන් කර ඇති අතර අභ්‍යන්තර අවයව වලටද හානි වී ඇති බවට නිරීක්ෂණය කර ඇති අතර මෙම හේතුව නිසා මෙම අලි පැටවා ඉතා දුර්වල තත්වයෙන් නැගිටීමට නොහැකිව සිටිනවා.