Thursday, April 25, 2024

General line - 0115112241

ණය ගන්න එන අය බය කරන බැංකු නිලධාරීන්ට වැඩවරදියි

ඉෂාර සුපෙම් මානගේ




එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මෙරට  සංවර්ධන සංග්‍රාමයේ දැවැන්ත ආර්ථික පිම්මක් බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා. 
අනාගත ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක බවයි පෙන්වා දෙන්නේ.

මාතර බෞද්ධ විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. 

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හා සම්බන්ධව ණය පහසුකම් ලබාගැනීමේ දී මාතර දිස්ත්‍රික්කයේ නව ව්‍යවසායකයින්ට මතුවූ ගැටළු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්වුණා. 

නව ව්‍යවසායකයින් තම ගැටලු ඉදිරිපත් කළ අතර ඒ සඳහා එම අවස්ථාවේදීම පිළිතුරු ලබාදීම ද සිදුවුණා. 

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා සහාය නොදක්වන බැංකු නිලධාරීන්ට එරෙහිව ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍ය මංගල සමරවීර මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ අනුව "තමුන්නාන්සේලාගේ අර ලොකු ලොකු හොඳ හොඳ කස්ටමස්ලා නැතුව අලුත් තරුණයෙක් තරුණියක් බයෙන් බයෙන් ඕක ඇතුළට ආපුවාම ගොඩාක් වෙලාවට කතා කරන්නේ ණය දෙන්න නෙමෙයි..නොදෙන්න. ආයෙමත් හරවලා යවන්නයි කතා කරන්නේ. ඒ මිනිස්සුන්ට වද දිදී නිකාං බොරුවට ඇපකරුවන් ඉන්නවාද?...ගෙවල් තියෙනවාද?.. අරවා මේවා අහන්න එපා. ලක්ෂ 15 වෙනකම් මේ යටතේ අපි ඇපකරුවන් ඉල්ලන්නේ නෑ.කවුරුහරි ඉල්ලනවා නම් අපිට දැනුම් දෙන්න ඒ ඉල්ලපු එක්කෙනාගේ නමයි..බැංකුවයි..ශාඛාවයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා හොට් ලයින් එක 2025. ඒ අංකය ප්‍රසිද්ධ කරනවා ඉදිරි සතිය වෙනකොට. අනෙක් පැත්තෙන් ඒ තරුණ තරුණයින්ටත් හොඳ ව්‍යාපෘති වාර්තාවක් තියෙන්න ඕනේ. පාට පක්ෂය ජාතිය අපිට අදාළ නෑ." යනුවෙන් සඳහන් කළා.