Wednesday, April 24, 2024

General line - 0115112241

රටේ ආර්ථිකය ගැන විද්වතුන්ගෙන් අනාවැකි




පවතින තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් ඉදිරි වසර දෙකේදී රටේ ආර්ථිකය තවදුරටත් අයහපත් වනු ඇතැයි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අනිල් ජයන්ත පවසනවා.

ඒ, ඊයේ (02) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්. 

ශ‍්‍රී ලංකාව මේ වනවිට සිරවී සිටින ණය උගුලෙන් බේරීමට වෙනත් ක‍්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණා. 

ආනයන පාලනය කිරීම සම්බන්ධයෙන් මෙම වැඩසටහනට එක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද අදහස් පළ කළා.

මේ අතර අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් කොපමණ අගයකින් රුපියල අවප‍්‍රමාණ වන්නේදැයි ප‍්‍රකාශ කළ නොහැකි බවයි ශ‍්‍රී ලංකා මහ බැංකුව ඊයේ පැවසුවේ. කෙසේ වෙතත් රුපියල අවප‍්‍රමාණ වීමේදී රටේ සමස්ත ආර්ථිකය කඩා වැටීමක් සිදු නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියා සිටියා. 

එමෙන්ම අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට ගෙවන පොලී අනුපාත අඩුවිය හැකි බවට නවතම විගණන වාර්තාවකින් රජයේ විගණකාධිපතිවරයා අනතුරු අඟවා ඇති බවටද වාර්තා පළ වනවා. 

රටේ වත්මන් ආර්ථික තත්වය පිළිබඳ සාකච්ඡා කෙරුණු නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.