Thursday, April 25, 2024

General line - 0115112241

බස් රථයක් පෙරළෙයි (PHOTOS)

මාධව කුලසූරිය




යාපනය සිට මුලංකාවිල් දක්වා ගමන්ගත් බස් රථයක් යාපනය කේරතීව් සංගුපිට්ටි ප්‍රදේශයේදී ඊයේ (02) සවස පෙරළී ගොස් තිබුණා.

අනතුරෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි යාපනය චාවකච්චේරි පොලිසිය පැවසුවේ.

මාර්ගය හරහා ගමන්ගත් ගවයෙකු බේරීමට යාමේදී බස් රථය පෙරළී ගොස් ඇති අතර, බස් රථයේ ගමන්ගත් පිරිස අතරින් පුද්ගල‍යින් තිදෙනෙකු මෙලෙස තුවාල ලබා තිබුණා.

පැවති වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් බස් රථය ලිස්සා ගොස් පෙරළී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.