Friday, April 26, 2024

General line - 0115112241

හික්කඩුවේ දුම්රිය ලොරි අනතුරින් දුම්රිය එන්ජිමට හානි - මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයත් ප්‍රමාදයි (PHOTOS)

ඕෂධ කමලනාත




හික්කඩුව තිරාණගම දුම්රිය හරස්මාර්ගයේදී මාතර සිට මහනුවර බලාධාවනය වෙමින් තිබූ ශීග්‍රගාමී දුම්රියේ බෙහෙත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් ලොරි රියදුරු සහ සහයකයා බරපතල තුවාලලබා ගාල්ල කරාපිටිය රෝහලටඇතුළත් කර ඇත. අද (04) සවස 3ටපමණ මේ අනතුර සිදුව ඇත.

ලොරිය ගැටීමෙන් දුම්රිය එන්ජිමට දැඩිහානි සිදුව ඇත. ලොරියේ බඳ කොටස දුම්රිය එංජිමේ වැදී ඇත.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හික්කඩුව සිට මාතර දක්වා දුම්රිය ප්‍රමාදයන් සිදුවියහැකි බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.