Friday, March 29, 2024

General line - 0115112241

ස්ත්‍රී දුෂණ මඩින්න අසැබි වෙබ් අඩවි තහනම් කරයි

දිනුක් හේවාවිතාරණ




දිනෙන් දින වැඩි වෙමින් පවතින ස්ත්‍රී අපචාර හා දුෂණ වැළැක්වීම සදහා අන්තර්ජාලයේ තිබෙන සියලුම අසැබ් වෙබ් අඩවි තහනම් කිරීමට නේපාල රජය තීරණය කර තිබෙනවා.

නේපාල තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටින්නේ ඉහළ යමින් තිබෙන ස්ත්‍රී දුෂණ සහ අපචාර වැළැක්වීම සදහා මෙම පියවර ගැනීමට සිදුවූ බවයි.

අන්තර්ජාලය හරහා අසැබි වෙබ් අඩවි වලට පිවිසීමේ හැකියාව අවහිර කරන ලෙස නේපාලයේ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය එරට අන්තර්ජාල පහසුකම් සපයනු ලබන ආයතන වලට මේ වන විට දැනුම් දී තිබෙනවා.

රජයේ දත්ත උපයෝගී කරගනිමින් Nepal Times වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ 2008 වර්ෂයේ සිට සැසදීමේදී මේ වන විට නේපාලයේ ස්ත්‍රී දුෂණ සහ ආපචාර සිදුවීම් 400% කින් ඉහල ගොස් ඇති බවයි.