Friday, April 26, 2024

General line - 0115112241

පිලිපීන ජනාධිපතිවරයාට පිළිකාවක් ?

දිනුක් හේවාවිතාරණ




තමාගේ ශරීර සුවතාවය පිළිබඳව ගැටළුවක් ඇති බැවින් අද (05) දිනයේදී වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත වන බවට පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩියුටෙට් ප්‍රකාශ කර සිටිනවා. ඒ පිලිපීන ජනාධිපති මන්දිරයේදී පැවති හමුදා සහ පොලිස් ප්‍රධානින් සහභාගිවූ රාත්‍රී ප්‍රිය සම්භාෂණයකට එක් වෙමින්. එම අවස්ථාව පිලිපීනයේ රුපවාහිනිය හරහා විකාශනය කර තිබෙනවා.

පසුගිය සතිය පුරා පිලිපීන ජනාධිපතිවරයා ප්‍රසිද්ධ රැස්වීම හෝ මහජනතාව ඉදිරියේ දකින්නට නොලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. එමෙන්ම ඉකුත් සතියේ කැබිනට් රැස්වීමට මෙන්ම තවත් ප්‍රධාන උත්සවයකටද ජනාධිපතිවරයා සහභාගී නොවූ බව වාර්තා වුනා.

" මම භෞතිකව සිටින්නේ කොතනකද කියන්න මමවත් දන්නේ නැහැ. ඒ සදහා මට බලාගෙන ඉන්න වෙනවා. මෙය පිළිකාවක්ද ? එය තිබෙන්නේ අවසන් අවස්ථාවේද? මම කියන්න දන්නේ නැහැ. ඒ වගේම මා එය දැනගත් විගස ඔබලාට කියන්න සුදානම්" යැයි ජනාධිපතිවරයා පැමිණ සිටි හමුදා සහ පොලිස් ප්‍රධානින් අමතා පවසා තිබෙනවා.

මේ අතර පිලිපීන ජනාධිපතිවරයා ඉකුත් බදාදා ක්ලොන්ස්කොපි පරික්ෂාවකට ලක්කළ බව පිලිපීන රජයේ විධායක ලේකම් සැල්වදෝර් මෙඩියල්ඩේ ප්‍රකාශ කර සිටියා. එම පරීක්ෂණයෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පරික්ෂා කිරීමට වැඩිදුරටත් පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් නිගමනය කර ඇත.

ඉකුත් මාසයේදී ඊශ්‍රායලයේ සහ ජෝර්දාන් සංචාරය අතර වාරයේදී තමන්ගේ සම පිලිස්සී යන අයුරු දැනුණ බව පිලිපීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.