Friday, March 29, 2024

General line - 0115112241

කෘතිම සීමා මත පදනම්ව පුද්ගලයින් විනිශ්චය කිරීම කොතෙක් සාධාරණද?



වෙනත් අය වරදකරුවන් ලෙස හංවඩු ගැසීමටත්, තමන් වරදකරුවෙකු ලෙස  තීරණය කිරීමටත් බොහෝ අය පෙළඹෙන්නේ කෘතිමව සකසා ගත් සීමා අනුව බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පෙන්වා දෙනවා. එවැනි තීරණ බොහෝවිට නිවැරදි නොවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඊයේ (04) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී මෙම අදහස් පළ කෙරුණා.

සම්මත නීති රීති උල්ලංඝණය කළ යුතු බව තමන් අදහස් නොකරන බවද, එහෙත් තමන් ප‍්‍රශ්ණ කරන්නේ එම සීමා මත පදනම්ව පුද්ගලයින් විනිශ්චය කිරීම කොතෙක් සාධාරණදැයි යන්න බවද කළමනාකාරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය මෙහිදී කියා සිටියා.