Saturday, April 20, 2024

General line - 0115112241

අවුරුදු 8ක දැරියක් අවුරුදු 1500ක් පැරණි කඩුවක් සොයාගනී

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ස්විඩනයේ ඇළකින් ඉපැරණි කඩුවක් හමුවී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ දිය නෑම සඳහා ඇළට ගිය වයස අවුරුදු 08 ක දැරියකට මෙම කඩුව හමුවී ඇති බවයි. පසුව සිය පියා මාර්ගයෙන් ඇය එම කඩුව එරට කෞතුකාගාරයකට භාර දී තිබෙනවා.

මෙම කඩුව අවුරුදු 1000ක් පමණ ඉපැරණි බවයි පළමුව පැවසුනේ. එහෙත් එම කඩුවට අවුරුදු 1500ක පමණ ඉතිහාසයක් පවතින බව පසුව අනාවරණ වී ඇති අතර එය ස්විඩනයේ කෞතුක භාණ්ඩයක් ලෙස සංරක්ෂණයට පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.