Saturday, April 20, 2024

General line - 0115112241

සුනාමියෙන් පාලු දූපතේ මරණ 1558ක්

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දුනීසියාවේ සුලාවෙසි පතේ පාලූ ප‍්‍රදේශයට බලපෑ ප‍්‍රභල භූ කම්පන තත්ත්වයෙන් හා සුනාමි රළ පහර හේතුවෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 1,558ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් දහසක් පමණ මිහිදන්වී ඇති බවයි සැකකෙරෙන්නේ. ආපදාව හේතුවෙන් පාලූ ප‍්‍රදේශයේ පිහිටි නිවාස 70,000ක් පමන සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලක්ෂ දෙකක පමණ පිරිසක් රට තුළ හදිසි මානුෂීය ආධාර බලාපොරොත්තුවෙන් පසුවන බවයි විදෙස් වාර්තා පවස්න්නේ. පාලූ ප‍්‍රදේශයේ ඇතැම් ගම්මාන තවමත් මීටර් 03ක පමණ මඩ තට්ටුවකින් වැසී තිබෙනවා. භූ කම්පනයෙන් පසුව ඇතිවූ සුනාමි රළ පහර පැයට කිලෝ මීටර් 800ක පමණ වේගයෙන් රට තුළට කඩා වැදී ඇතැයි බලධාරින් සඳහන් කළා.