Friday, April 19, 2024

General line - 0115112241

බොරතෙල් මිල දිනෙන් දින ඉහළට

දිනුක් හේවාවිතාරණ




ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් පනවා තිබෙන ආර්ථික සම්බාධක බලාත්විමක වීමේ දින ලංවීමත් සමග ජාත්‍යන්තර වෙළදපලේ ඉන්ධන මිල අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබෙන බව වෙළදපළ නිරීක්ෂකයින් සදහන් කරනවා.

2014 වසරෙන් පසු ජාත්‍යන්තර වෙළදපලේ ප්‍රධාන ඉන්ධන තැරැව්කාර සමාගමක් වන බ්‍රෙන්ට් හි බොරතෙල් බැරලයකට හිමිවූ ඉහළතම මිල ඉකුත් බදාදා වාර්තාවූ අතර එය අමෙරිකානු ඩොලර් 86.74ක් විය.

පසුගිය සති කිහිපයක සිට ජාත්‍යන්තර වෙළදපලේ බොරතෙල් බැරලයක මිල 1.7% කින් ඉහළ යමින් සිටින බවයි විශ්ලේෂකයින් සදහන් කරන්නේ.

මේ අතර ඉරානයේ බොරතෙල් ජාත්‍යන්තර වෙලදපලට පැමිණීම නතර වීමත් සමග ඇතිවන අඩුව පිරවීමට සවුදී අරාබිය සහ රුසියාව හැකි සෑම උත්සාහයක්ම ගන්න බව ප්‍රකාශ කර සිටිනවා.


සවුදි අරාබිය දෛනිකව බොරතෙල් බැරල් මිලියන 10.7ක් නිෂ්පාදනය කරනු ලබන අතර එය මිලියන 12ක් දක්වා වර්ධනය කිරීමට කටයුතු කරන බවයි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සදහන් කර සිටින්නේ.

මේ අතර අමෙරිකාවේ සම්බාධක ක්‍රියාත්මක වුවත් ඉන්දියාව විසින් ඉරානයෙන් ලබන නොවැම්බර් මාසය්දී බොර තෙල් බැරල් මිලියන 9ක් ලබන නොවැම්බරයේදී මිලදී ගැනීමට සුදානම්ව සිටිනවා.