Wednesday, April 24, 2024

General line - 0115112241

ජනපති එන්න කිව්වත් ආපසු නොඑන තානාපතිනිය

හේමන්ත කහවලගේ




ඔස්ටි‍්‍රයාවේ ශී‍්‍ර ලංකා තානාපති පි‍්‍රයානි විජේසේකර යළි මෙරටට කැඳවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නියෝග කළද ඇය මෙතෙක් මෙරටට පැමිණ නැතැයි වාර්තා වනවා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉකුත්දා කියාසිටියේ සිය දුරකතන ඇමතුමකට පැය ගණනක් යන තුරු ඔස්ටි‍්‍රයාවේ ශී‍්‍ර ලංකා තානාපතිවරිය ප‍්‍රතිචාර නොදැක්වූ බවයි. පැය කිහිපයක් එලෙස දුරකතනයෙන් එම තානාපති කාර්යාලයේ වෙනත් නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වූ බවයි ජනාධිපතිවරයා ඉකුත්දා කියාසිටියේ.

බොට්ස්නියාව, සර්බියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව වැනි තවත් රටවල් ගණනාවක් සමගද ශී‍්‍ර ලංකාව වෙනුවෙන් සබඳතා  පවත්වාගෙන යන්නේ ඔස්ටි‍්‍රයාවේ වියානාහි පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය හරහායි. එවැනි වැදගත්කමකින් යුත් තානාපති කාර්යාලයකින් දුරකතන ඇමතුමකට පැය ගණනාවක් යනතුරු ප‍්‍රතිචාර නොදැක්වීම ගැටළු සහගත තත්ත්වයක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දි තිබුණේ.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ දැනට සේවය කරන නිලධාරීන් කිහිප දෙනෙකු පෝලන්තය, ස්වීඩනය, කැනඩාව සහ අමෙරිකාවේ වොෂින්ටන්හි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ තනතුරු සඳහා පත් කිරිමටද ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.