Friday, April 19, 2024

General line - 0115112241

ලොව සියලු ගුවන්සේවයන් පරදා ශ්‍රී ලන්කන් ලැබූ ජය




ඉකුත් සැප්තැම්බර් මාසයේදී නියමිත වේලාවට ගුවන් මෙහෙයුම් වැඩිම ප‍්‍රතිශතයක් සිදුකළ ගුවන් සේවය බවට ශී‍්‍ර ලන්කන් ගුවන් සේවය පත්ව තිබෙනවා. ඒ, flightstats.com ආයතනය සිදුකළ විශ්ලේෂණයකට අනුවයි. ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාසයේදී ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන්වලින් සියයට 91.37 ක් නිසි වේලාවට සිදුකර ඇති බවටයි එම ආයතනය ගුවන් ගමන් දත්ත විශ්ලේෂණය තුළින් හදුනාගෙන ඇත්තේ.

ගෝලීය ගුවන් සේවා කාණ්ඩය යටතේ යුරෝපය, අමෙරිකාව, ආසියාව, මැදපෙරදිග රටවල ලොව විශාලතම සහ ගෞරවනීය ගුවන් සේවා මේ යටතේ විශ්ලේෂණය කර තිබෙනවා. අමෙරිකානු ගුවන් සේවයක් වන ඩෙල්ටා ගුවන් සේවය මෙම විශ්ලේෂණය අනුව දෙවන ස්ථානය හිමිකර ගෙන ඇති අතර ජපාන ගුවන් සේවයක් වන ඒ එල් ඒ ගුවන් සේවය එහි 3 වන ස්ථානයට පත්ව තිබෙනවා.