Saturday, April 20, 2024

General line - 0115112241

ජෙරුසලමට සාම දුතයින් යවන්න සවුදි කුමරු සුදානම් වෙයි

දිනුක් හේවාවිතාරණ




ඊශ්‍රායාලයේ පිහිටි ජෙරුසලම නගරයට කතෝලික, යුදෙව් සහ මුස්ලිම් ප්‍රජාවගෙන් සැදුම්ලත් නියෝජිත මණ්ඩලයක් යැවීම සදහා සවුදියේ මුහුම්මද් බින් අබ්දුල් කරීම් අලිස්සා කුමරු පියවර ගැනීමට සුදානමින් සිටිනවා. 

දේශසීමාවේ ඊශ්‍රායෙල් සහ පලස්තීනය අතර ගැටුම් ඇතිව තිබෙන මොහොතක සවුදි කුමරු සදහන් කරන්නේ රාජ්‍යයන් අතර සාමය පැවතීම වැදගත් බවයි.

මුස්ලිම් ලෝක ලීගයේ ප්‍රධානියා වන අලිස්සා කුමරු සදහන් කරන්නේ ඊශ්‍රායාලයේ සංචාරය කරන නියෝජිත කණ්ඩායම සවුදි අරාබිය හෝ දේශපාලන නියෝජිතයින් ගෙන් තොරවිය යුතු බවයි. දේශපාලන හෝ දැඩි ආගම්වාදයෙන් පෙලෙන පුද්ගලයින් ගෙන් මෙම නියෝජිත කණ්ඩායම තොර විය යුතු බවයි සවුදි කුමරු සදහන් කරන්නේ.

ආබ්‍ර්හම්ගෙන් පැවත එන කතෝලික, යුදෙව් සහ මුස්ලිම් ජාතීන්ගෙන් සැදුම් ලත් සාම නියෝජිත කණ්ඩායමක් ඊශ්‍රායාලයේ පිහිටි පුජනිය ස්ථාන දැකබලා ගැනීමට යැවීම වැදගත්. ඒ හරහා සාමයේ පණිවිඩය දේශසීමා ගැටුම් වලට මැදිව සිටින අය වෙත ලඟා කරවන්න හැකියාව තිබෙනවා යැයි අලිස්සා කුමරු අමෙරිකානු පුවත් සේවයක් සමග සම්මුඛ සාකච්ජාවට එක්වෙමින් සදහන් කර සිටියා.

ඔවුන්ගේ ගැටළු සාකච්ජා කොට විසදා ගැනීමට සුදුසු වටපිටාවක් මේ හරහා ඇති කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ. සවුදිය සහ ඊශ්‍රායාලය අතර මේ දක්වා රාජතාන්ත්‍රික සබධතා සිදුවී නොමැති අතර දෙරට අතර බුද්ධි තොරතුරු පමණක් හුවමාරුකර ගැනීමක් සිදුකරනු ලබනවා.