Thursday, April 25, 2024

General line - 0115112241

යකඩ යකාට අලි තිදෙනෙක් බිළිවෙයි (PHOTOS)

දිල්ශාන් තුෂාර / දිනුක් හේවාවිතාරණ




ඊයේ (06) රාත්‍රියේ මඩකලපුවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබු දුම්රියට වැලිකන්ද, පුල්ලේයාර් අඩි ප්‍රදේශයේදි වන අලි රංචූවක් ගැටිමෙන් එහි වන අලින් තිදෙනෙක් මිය ගොස් තිබෙනවා.

මෙම අනතුර ඊයේ රාත්‍රී 9.45 ට පමණ සිදුව තිබෙන අතර ඒ හේතුවෙන් දුමිරිය මැදිරි දෙකක් පිලී පැනීමකට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කර සිටියේ.

මීට සති කිහිපයකට ඉහතදී ද හබරණ ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් වන අලින් සිවුදෙනෙකු මිය ගියා. 

පිලී පැනීමට ලක්වූ දුම්රිය මැදිරි යලි පිලීගත කිරිමේ වැඩකටයුතු මෙතෙක් අවසන් වි නොමැති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරනවා.