Friday, April 26, 2024

General line - 0115112241

ආසියානු යොවුන් ක්‍රිකට් කුසලානයේ අවසන් තරගය අද - ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සටනට සූදානම්

කසුන් කැළුම්




ආසියානු යොවුන් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසාන මහා තරගය බංග්ලාදේශයේ ශී‍්‍ර බංග්ලා කි‍්‍රඩාංගනයේදී අද (07) පැවැත්වෙනවා.

ඒ, ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතරයි.

මෙම කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ මේ දක්වා කිසිඳු තරගයක් පරාජයට පත්වී නැහැ. ශී‍්‍ර ලංකාව ආසියානු යොවුන් කි‍්‍රකට් තරගාවලි ඉතිහාසයේ අවසන් තරගයකට සහභාගී වන සිව්වන අවස්ථාව මෙයයි.

ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම මෙතෙක් ආසියානු යොවුන් ශූරතාවක් දිනා ගැනීමට සමත් වී නැහැ. ඉන්දියානු යොවුන් කණ්ඩායම අවස්ථා 05කදී ආසියානු යොවුන් කි‍්‍රකට් ශූරතාව දිනා ගත්තා. 2017 වසරේ ආසියානු යොවුන් කි‍්‍රකට් ශූරතාව දිනා ගත්තේ ඇෆ්ගනිස්තානයයි.