Friday, April 19, 2024

General line - 0115112241

කලම්බෝ මැරතන් "එක දෙක තුන" කෙන්යාව අරං යයි (PHOTOS)

කසුන් කැළුම්




18 වන ‘‘එල් එස් ආර් කලම්බෝ’’ මැරතන් තරගයේ සුපුරුදු පරිදි වැඩි දක්ෂතා දැක්වීමට කෙන්යානු කී‍්‍රඩක කි‍්‍රඩිකාවන් සමත්වුණා.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව අසලින් අද (07) ආරම්භ වූ කලම්බෝ මැරතන් තරගය අවසන් වූයේ මීගමුව වෙරළ තීරයෙන්.

පූර්ණ මැරතන් තරගයේ ප‍්‍රථම, දෙවන හා තුන්වන ස්ථාන දිනා ගත්තේ කෙන්යානු කී‍්‍රඩකයින් විසින්. සිව්වන ස්ථානය ශී‍්‍ර ලංකා පොලීසිය නියෝජනය කළ අමිල සරත් කුමාර දිනාගත් අතර පස්වන ස්ථානය ශී‍්‍ර ලංකා යුද හමුදාවේ සී. එස්. ඒ. එස්. කේ. ගුණසේකර විසින් දිනා ගත්තා. 

පූර්ණ කාන්තා මැරතන් තරගයේ ප‍්‍රථම හා දෙවන ස්ථාන හිමිවූයේ කෙන්යානු කි‍්‍රඩිකාවන්ටයි. ශී‍්‍ර  ලංකා නාවික හමුදාවේ සුජානි මධුමාලි පෙරේරා තුන්වන ස්ථානය දිනා ගත්තා.