Thursday, April 25, 2024

General line - 0115112241

හයිටි රාජ්‍යයට භූ කම්පනයක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




හයිටි රාජ්‍යයේ දකුණු දිග ප‍්‍රදේශයට මැග්නිටියුඞ් ඒකක 5 යි දශම 9ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. දකුණු දිග වෙරල කලාපයේ කිලෝ මීටර් 11.7ක පමණ ගැඹුරු භූ පතුලේ එහි කේන්ද්‍රය සටහන් වී ඇති බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ.

භූ කම්පනය හමුවේ ප‍්‍රදේශ දෙකකින් පුද්ගල මරණ 11ක් වාර්තා වී තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූවන් අතර කුඩා දරුවෙකුද වන බව සඳහන්. 2010 වසරින් පසු හයිටි රාජ්‍යයටබලපෑ ප‍්‍රබලතම භූ කම්පනය මෙයයි.