Thursday, April 25, 2024

General line - 0115112241

ලිමෝසීන් රථයක් අනතුරකට ලක්වෙයි : පුද්ගලයින් 20 දෙනෙක් ජිවිතක්ෂයට

දිනුක් හේවාවිතාරණ




මංගල උත්සවයක් සදහා අමුත්තන් රැගෙන යමින් තිබු ලිමෝසින් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 18 දෙනෙක් ඇතුළු 20 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව නිව් යෝර්ක් පොලිසිය සදහන් කරනවා. මියගිය අනිත් පුද්ගලයින් දෙදෙනා පදික වේදිකාවේ ගමන් කරමින් සිටි අය බව තහවුරු කර තිබෙනවා.

නිව් යෝර්ක් ප්‍රාන්තයේ Schoharie නගරයේදී මෙම අනතුර සිදුව තිබෙනවා. සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ අධිවේගී මාර්ගයේ සිට පැමිණි ලිමෝසීන් රථය අන්තර් පිවිසුම් මාර්ගය අසලට ලඟා වෙනවාත් සමග එක්වර මාර්ගයෙන් ඉවතට පැන පෙරලි ගිය බවයි.

මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති බවයි නිව් යෝර්ක් පොලිසිය සදහන් කරන්නේ. අනතුරෙන් රථයේ රියදුරුද මියගොස් තිබෙනවා.