Thursday, April 25, 2024

General line - 0115112241

මාධ්‍යවේදියෙකුගේ අතුරුදන් වීමෙන් තුර්කිය හා සෞදිය ගැටේ

තරංග රුක්ෂාන් ජයසේකර




අමෙරිකාවේ වොෂිංටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු හදිසියේ අතුරුදන්වීමේ සිද්ධිය මේ වනවිට රාජ්‍ය තාන්ත‍්‍රික අර්බුදයක් දක්වා දික්ගැස්සෙන ලකුණු පළ වී තිබෙනවා. ඒ, එම මාධ්‍යවේදියා ස්ථාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්ව ඇති බවට තුර්කිය චෝදනා කිරීමත් සමගයි.

නමින් ජමාල් කෂෝගි වන ඔහු සෞදි අරාබි ජාතිකයෙක්. ඔහු අතුරුදන්ව තිබුණේ සෞදි කොන්සල් කාර්යාලයට යාමෙන් අනතුරුවයි. ඒ, සිය බිරිදගෙන් දික්කසාද වීමට අදාළ ලිපි ලේඛන ලබා ගැනීමටයි. ඔහුගේ වත්මන් තුර්කි පෙම්වතිය පවසන්නේ තමන් පැය 11ක් තිස්සේ සෞදි කොන්සල් කාර්යාලය ඉදිරිපිට බලා සිටියද තම පෙම්වතා නොපැමිණි බවයි.

අදාළ චෝදනා ප‍්‍රතික්ෂේප කරන සෞදි අරාබිය පවසන්නේ මාධ්‍යවේදියා සොයා තමන් ද මෙහෙයුම් සිදු කරන බවයි.